මෙතන කොටා මට සහය වන්න..

The On Demand Global Workforce - oDesk

Tuesday, May 18, 2010

සනත් ජයසූරිය හා ලංකාව

සනත් ජයසූරිය, එය ලෝකෙ බලවත්ම රාජ්‍යය වන ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බිල් ක්ලින්ටන් මහතා ද දැනගෙන සිටි නමකි. මීට පෙර එවැනි ශ්‍රි ලාංකික නමක්  ලෝකෙ ප්‍රසිද්ධ වී තිබුනේ නම් ඒ මම සිතන්නෙ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගෙ පමණ යැයි මම සිතමි. මක් නිසාද යත් 1950 දශකයේ මධ්‍යධර්ණී මුහුද ආශ්‍රිතව පැන නැගුනු තුන්වන ලෝක යුද්ධයක් ඇති වීමේ මං සලකුණු අහුරා දැමීමට බණ්ඩාරනායක මහතා එක්සත් ජාතීන්ගේ ස්ංවිධානයේ මහා මංඩලයේ දී කල කතාව ඉවහල් වූ  බැවිනි.  ඔහුව ඉන්පසු හැඳින් වූයේ "ආසියාවේ රිදී දිව "  ( The Silver Tongue of Asia )ලෙසය. 

දිනක්  " yahoo community chat " හරහා ඉන්දියානුවෙක් හා " chat  කිරීමේ දී ඔහු මගෙන් විමසා සිටියේ " ලංකාව තිබෙන්නෙ කොහේද? "යනුවෙනි. මම විහිලුවට මෙන් කියා සිටියේ "එය ඉන්දියාවට මදක් පහලින් " පිහිටා තිබෙන බවයි. ( මම සිතුවේ ඔහු ලංකාව අවතක්සේරු කිරීමට උත්සහ කරන බවය. ඔහුගේම ප්‍රශ්නයෙන් ඔහු ලෝක සිතියම ගැන නොදන්නා මෝඩයෙකු ලෙස පෙන්වීමට මම උත්සහ කලෙමි. ) නමුත් ඔහු සත්‍ය වශයෙන්ම ලංකාව ගැන අවබෝදයක් නොතිබූ බව මම සැක හැර දැන ගත්තෙමි. එහෙත් ඔහු සනත් ජයසූරිය ලංකාවේ බව දැනගෙන සිටියේය.

මා මෙය සඳහන් කලේ සනත් ජයසූරිය කෙනෙක් ලංකාවේ පහල නොවන්නට එම ඉන්දියානුවා ලංකාව තිබෙන්නේ කොහේද නොව ලංකාව කියන්නෙ කුමක්ද කියාවත් නොදන්නවා ඇත.  සනත් ජයසූරිය යනු කවුද? මේ ප්‍රශ්නයට උත්තරේ ලංකාවේ මිනිස්සු දන්නේ නැත. ඒ සනත්ගේ උපන් ගම මාතර, පාසල සර්වේශස් විද්‍යාලය වැනි "ඕපාදූප "සෙට් එක නොව මේ රටේ ක්‍රිකට් ඉතිහාසය ගැන ප්‍රශ්නයකි. (අපේ රටේ මිනිස්සු ඉතා ඉක්මනින් ඉතිහාසය අමතක කරති ). සනත් ජයසූරිය ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වූ කාලයෙදී ලංකාව පරාජය කරමින් සිටියේ සිම්බාබ්වේ පමණි. එකල " ට්‍රයි නෙෂන් "ක්‍රිකට් තරඟාවලි පවා ශ්‍රී ලංකාව අවසන් කරේ අවසාන කරේ "අන්තිමයා " ලෙසය. සනත් ජයසූරිය පිතිකරණයට පිටියට පිවිසියේ හයවෙන්නාට හෝ හත් වැන්නටය. ඒ පැමිණ ලකුණු විස්සක් වත් ගසන්නේ නැත. සනත් ආරම්භක පිතිකරු ලෙස මුලින්ම පිටියට පිවිසියෙ  මගේ මතකයේ හැටියට "සාජා "කුසලාන තරඟයකදී පාකිස්තානය එරෙහිවය. වසීම් අක්‍රම්, වකාර් යුනිස් ගේ පන්දු හමුවේ "කොරවෙලා"සිටි ලංකාවේ අනිත් ක්‍රීඩකයන්ට පාකිස්තානයට මුහුන දෙන ආකාරය ඉගැන්වූයේ සනත් ජයසූරියයි. මින් පාඩම ඉගෙන ගත් ශ්‍රී ලංකා නායකත්වය පහලින් පහරදෙමින් සිටි රොමේශ් කලුවිතාරනව උඩට ගෙනාවේ බ. ඉ . කොදෙව්වන්ට එරෙහිව තවත් සාජා තරඟයකයකදීය. මෙතෙක් "50-50 තරඟවල පැවති "හාල් "ස්වභාවය නැති කර  " ත්‍රිල් " එක ගෙනාවේ සනා-කලූ යුගලයයි. එනයින් 20-20 ලෝක ක්‍රිකට් වල නිර්මාපකයන්ද වන්නේ මේ යුගලයයි.

මෙය වැදගත් වන්නේ මෙහිදීය. එදා සිම්බාබ්වේට වඩා පමණක් ඉදිරියෙන් සිටි ලංකාව අද ලෝක ක්‍රිකට් තලයේ ඉදිරියෙන්ම සිටියි. සනා නොගහන කොට " බලු බැනුම් "ලියා සනාට අපහාස කරමින් ලිපි දමන්නේ ද කමෙන්ට්ස් දමන්නේ ද සනත්ම කලකට පෙර ලංකාවේ උන්ට කන්න දුන්න " තෙල " ලංකාවේ උන්ට වැඩිවීම හේතුවෙනි. 

සනත්ලා, මුරලිලා මේ තරම් ඉහල තැනකට ලංකාව ගෙන එන විට ඔවුන් කල කැපවීම් කොපමනද? ඔවුන් කල කැපවීමට ඇති තරම් මුදල ලැබුනු බව යමෙකුට තර්ක කල හැක. නමුත් ඔවුන් අව්වේ කට්ට කාගෙන නිදි මරාගෙන උදෙන් ප්‍රැක්ටිස් කරගෙන මේ තරම් දුර ආවේ සල්ලි වලටම ද? එසේ වූයේ නම් ක්‍රිකට් අත් හැර ලොකු කොමපැණියක "එක්සෙකටිව්  පොරක් " ලෙස ගාණ කපාගෙන සද්ද නැතිව ජීවත් වීමට හැකියාව තිබිනි. නැත්නම් තම ජනප්‍රියත්වය පාවිච්චි කර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හෝ අනුබද්ධ ආයතනයක ‍රැකියාවකට සම්බන්ධ වී නමත් හදාගෙන ලෝකෙ වටේ යමින් ජීවත් වීමට හැකියාව තිබිණි. (එසේ කරන අය ඕනා තරම් ඇත.) නැත. ඒ තම රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමෙන් ලබන තෘප්තිය නිසාය. එය සාමාන්‍ය කෙනෙකුට නොව රට වෙනුවෙන්ම ක්‍රීඩා  කල යම් අයකුට පමනක් දැනෙනා සත්‍යකි. එය හරියට කරනා මිනිසා සිතන්නේ " මම නැති වුනොත් කවුද මගේ තැන ගන්නේ ? ..යනුවෙනි. ගන්න කෙනෙක් නැති තැන තමන් "ෆේල් "වුන ද යලි යලිත් උත්සහ කරන්නේ හිටපු තත්වයට පත්වෙන්නටය. මෙයට උදාහරණය වන්නේ පසුගිය ඉන්දීය සංචාරයේ දී මුරලිදරන්ගේ ක්‍රියාකලාපයයි. එම සංචාරයේදී මුරලිට "හොඳට වැදුනේය". සංචාරය අවසානයේ දී මුරලි පැවසූයේ මෙසේ වැදෙනව නම් ක්‍රිකට් වලින් සමුගන්න 2011 වන තෙක් නොසිටිනා බවයි.  නමුත් ඉන්දියන් ප්‍රිමියර් ලීග් හරහා 2010 20-20 යට සෙල්ලම් කල මුරලිට කවුරුන් හෝ ඇඟිල්ල  දික් කරනු මම නොදිටිමි.

ක්‍රිකට් තරඟාවලියක් යනු සුලු දෙයකි. ඒවා හෙට ද අනිද්දා ද පැමිනෙනු ඇත. අපේ කණ්ඩායම අද පැරදුන ද හෙට දිනනු ඇත. අප සතු‍ටු විය යුතු කාරණා බොහෝමයක් මේ ක්‍රිකට් තුල ඇත. ප්‍රධාන දේ වන්නේ වර්ග කිලෝ මීටර් හැටපන්දහස් පන්සිය විසිපහක සිර වුනු දෙකෝටි විසි ලක්ෂයක් වැනි සුලු ජනගහනයකින් තේරී පත්වුනු එකොලොස් දෙනෙක් පරදා ඉදිරයට එන්නට තරම් ලෝකේ දෙවන වැඩිම ජනගහනය හිමි ඉන්දියාවට එකොළොස් දෙනෙක් ක්‍රිකට් සඳහා ‍තෝරා ගැනීමට නොහැකි වී තිබීමයි. හැඩි දඩි ශක්තිමත් දේහයන්ගෙන් සමන්විත කලු ජාතිකයන්ගෙන් පිරි බ. ඉ. කොදෙව්වන්ට ලංකාවේ සිටින මේ කුඩා මිනිසුන් එකලොස් දෙනෙකු ක්‍රිකට් වලින් පරදාලන්නට නොහැකි වීමයි. සනත්ගේ පසුපස එලවන මිනිසුන් මෙවැනි ජයග්‍රණ ගැන ප්‍රශන්සනාත්මකව කතා නොකරන්නේ මන්දැයි මම නොදනිමි. එහෙත් සනත් ජයසූරිය ලංකාවට අත්කර දුන් අති මහත් වූ කීර්තිය ක්‍රිකට් තරඟ දහයකට, පහලොවකට ලඝු කිරීමට තරම් අප "ගුණමකු "නොවිය යුතු බව මේ ලිපියෙන් මම මතක් කර සිටිම්.


8 comments:

  1. ඇත්ත,ගහනකොට වැදගෙන ඉදලා නොගහනකොට බනින එක නම් මහ කැත වැඩක්

    ReplyDelete
  2. නම ගෙනිච්ච වගේම දැන් නම විකුණනව වගේනෙ??

    96 ඔබ තුමා වර්ල්ඩ් කප් එක රස විදින්න ඇතිනෙ. ඒත් ඒ වෙනකොට වයස 4-5 පොඩි එකෙකුට ඒක බලන්න බැරි වෙන්න ඇති නෙ.

    උන්ට ඉතින් ආයි ලංකාව‍ට වර්ල්ඩ් කප් එකක් ගේනව බලන්න ඕනෙ නැතුවත් ඇති.

    ReplyDelete
  3. සම්පූර්න පැහැදිලි කිරීමක්,මාත් කොහොමත්ම එකග වෙන්නෙ නෑ සනත් ජයසූරියට නගන චෝදනා පිලිබදව (චෝදනා නෙමෙ ඒව බලු බැනුම් ),සමහර විට මට හිතෙනව මෙයා දේශපාලනයට ආව නිසා ඒ තරහදෝ සමහරු මෙච්චර මේ පිටකරන්නෙ කියල.
    නමුත් මන් ඔබේ කරුනක් සමගින් එකග වෙන්නෙ නෑ,

    "එය හරියට කරනා මිනිසා සිතන්නේ " මම නැති වුනොත් කවුද මගේ තැන ගන්නේ ? ..යනුවෙනි. ගන්න කෙනෙක් නැති තැන තමන් "ෆේල් "වුන ද යලි යලිත් උත්සහ කරන්නේ හිටපු තත්වයට පත්වෙන්නටය."

    ඔබ හිතන්නෙ සනත්ගෙන් පසු,ඒ තැන ගැනීමට කවුරුත් නැති බවත් ඒ නිසා ඔහු තව දුරටත් සෙල්ලම් කල යුතු බවද?එසේ නම් කවදාවත් එතැන ගන්නට වෙන අයෙක් නොආවොත් ඔහු මැරෙනකම් සෙල්ලන් කල යුතු බවද?හොද ආරංචිය නම් එතැන ගන්නට ඕනෑවටත් වඩා තරුනයින් සිටියි.එනම් දැන්වත් ඔහු ක්‍රීඩාවෙන් සමුගෙන තමන්ට චන්දය ලබාදුන් ජනතාව වෙනුවෙන් සේවයක් කල යුතු බව මගේ හැගීමයි.

    ReplyDelete
  4. කාලය ඉවරනම් කවුරැ වුනත් ගෙදර යන්න ඔනා.

    ReplyDelete
  5. සනත්ගෙ කාලේ ඉවරයි සනා...ඒක අපි හැමෝටම ඇස් පනා පිට පේන දෙයක්.

    ReplyDelete
  6. ඒක සම්පූර්ණ ඇත්ත ... කාලය ඉවර වුනාම යා යුතුයි ... ඕනම ජගතෙකුට ඒක පොදුයි..

    ReplyDelete
  7. ජයසූරිය කරපු දේවල් අපි හැමෝටම මතකයි... ජයසූරිය නිසානෙ අපි ක්‍රිකට් බලන්න පටන් ගත්තෙත්...
    ඒත් කණ්ඩායමේ ජයග්‍රහණය බිල්ලට දීල ජයසූරියට අවස්ථාව දෙන එක?..

    ජයසූරිය‍ට දැන් බනින හැමෝම බනින්නේ ජයසූරිය එක්ක තරහට නෙවෙයි කියල දැනගන්න... අනිත් අයට‍ කොහොම වෙතත් මම ජයසූරිය දැන් ඉන්නවට කැමති නැත්තෙ ජයසූරියට ‍‍ගෞරව කරපු අයගෙන් එයා ඒ ගෞරවය නැති කර ගන්න එක නිසා.

    කණ්ඩා‍යම පැරදුනත් කමක් නෑ ජයසූරිය‍ට කලගුණ සලකන්න ඕන කියන තර්කයට මට එකග වෙන්න බෑ..
    අපි "සිංහලනෙ"... සමාවෙන්න

    ReplyDelete
  8. කිසිම ක්‍රීඩාවක් පසුගිය ජයග්‍රහණ හෝ කීර්තිය මත රැදෙන්නේ නැහැ. ජයසූරිය යනු ලොව තවත් කිසි දිනක පහල නොවන අතිශය ශ්‍රේෂඨ ක්‍රීඩකයෙක් බවට කතා දෙකක් නැහැ. ඔහු පන්දුවට පහර දෙන විට ඕස්ට්‍රේලියානුවන් ආරම්භක පන්දු යවන්නෙක් සොයා ගැනීමට නොහැකිව ස්ටීව් වෝ වැනි ක්‍රීඩකයෙක් පනුදුව අතට ගත් හැටි මට තවම මතකයි. එදා සනත් අඩු ලකුණු වලට දැවී ගියොත් රූපවාහිනියෙන් තරග නරඹන 50% දෙනා ඉන් ඉවත් වූ බවත් සත්‍යයක්. මේ සියලුම දේ මැද වුවත් මා නම් විශ්වාස කරන්නේ ඕනෑම කෙනෙකුට ඉවත්වීමට කාලයක් ඇති බවයි. අපට පමණක් නොව අපේ දරු මුණුපුරන් පවා සනත් ගැන මතක තබා ගත යුත්තේ ලොව සියලු පන්දු යවන්නන්ට උන්හිටි තැන් අමතක වන ලෙස පිත්තෙන් ලකුණු ලබා ගත් සහ ලංකාව ලෝකයේ ඔසවා තැබූ සනත් ලෙස මිස හැමදාමත් අසාර්ථක වීමෙන් පසුව වුවත් කෙසේ හෝ කණ්ඩායමේ තැනක් ලබා ගන්නා වයසක අංකල් කෙනෙකු ලෙස නොවේ. මේ සනත්ගේ සමුගැනීමට සුදුසුම කාලයයි.

    ReplyDelete