මෙතන කොටා මට සහය වන්න..

The On Demand Global Workforce - oDesk

Friday, May 14, 2010

තෙලේ බලේ

හරක් හෙවිල්ල ගැන ගිය පාර කතා කරානෙ. එ වගෙ අද්භූත දේවල් ගොඩක් අපේ ගමේ සිද්ධ වෙලා තියෙනව. මේ කියන්නෙත් ඊට ටිකක් වෙනස් අද්භූත කතාවක් ගැන. ඉස්සර ලංකාවෙ මිනිස්සු විවිධාකාරෙ මන්තර ගුරුකම් වැඩ කිඩ දැනගෙන ඉඳල තියනවනෙ. මේ කියන්න යන්නෙත් ඒ වගෙ කතාවක් ගැන.

කට්ටිය එහෙම සැලළිහිණි සංදේශය, පරවි සංදේශය, කාව්‍යශේඛරය එහෙම ලියපු තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවො ගැන දන්නව ඇතිනෙ. (දන්නැත්තන් ඉතින් වහ කන්න තමයි වෙන්නෙ ) . එතුමාගෙ එක කතන්දරයක් කට්ටිය දන්නව ඇති අහසින් යන තෙලක් හදපු කතාව. හාමුදුරුවො හදපු තෙල මලයාලි දේශයෙන් ආපු මන්තර පොරක් හොරකම් කරල ඒක ගාගෙන අහසින් යනකොට හාමුදුරුවො ඒක දැකල හට්ටියෙ ඉතුරු තෙල් ටික බල්ලෙක්ගෙ පස්ස පැත්තෙ ගාපු කතාව. කතාව ඉවර වෙන්නෙ හාමුදුරුවො කරපු ඒ වැඩෙන් තෙලේ බලේ නැති වෙලා අහසින් ගිය  මලයාලි මෑන්ස් පෘථුවියට පතිත වී යටියන්තොට යාමෙන් ( වැලිගම යන්නෙ දකුනු පලාතෙ අය විතරෛ කියලා අපේ දහම් පාසලේ ටීචර් කෙනෙක් කිව්ව ) කොහොම වෙතත් මෙ කියන්න හදන ස්ටොරියෙ තියෙන්නෙත් ඒ වගේ තෙලක් ගැන.  රජකාලෙ හදපු ඒ වගේ තෙලක් ඒ කාලෙදිම අපේ ගම් පැත්තෙ කැළෑවක තිබුන යෝධ "දෙල් ගහක" බෙනේක හංඟල තිබිල තියෙනව පස්සෙ ගන්න බලාගෙන. කොහොම හරි ගංඟපු අයට ඒක ගන්න බැරි වෙලා තියෙනව. (එල මෝඩ පොරවල්ස් නේද? ) කොහොම හරි පස්සෙ කාලෙක මිනිස්සු දන්නෙ නැතිව මේ දෙල් ගහ කපල තියෙනව. මොකද වුනේ....දෙල් ගහ උඩින් පියාඹල ගියාලු. එහෙම පියාඹපු දෙල් ගහ අන්තිමට ගිහින් මාදු ගඟට වැටිල තියෙනව.

වැස්ස නැතිව මාදු ගඟේ වතුර මට්ටම අඩු වෙන කාලෙට ගඟේ පතුල පේනව. මේ ගහ වැ‍ටුන කියන තැන පතුල බැලුවම අදටත් ඒ දෙල් ගහේ කොළ පේනව කියල අපේ ආච්චි අම්ම කියල තියෙනව. අවුලකට තියෙන්නේ අද වෙනකම් මම මාදු ගඟ කියල දැකල තියෙන්නෙ කෝච්චියෙන් මාතර යනකොට බලපිටිය පාලමෙන් පිටිපස්සට පේන මාදු ගඟ විතරයි.

4 comments:

  1. http://mysinhalablog.blogspot.com/2010/03/blog-post_07.html

    ReplyDelete
  2. තව කථා කියන්නකෝ.... බලන්න එන්නම්..

    ReplyDelete
  3. ඔය ඌරගහ කියන්නෙ ආදි කාලෙ බොහෝ ඌරො වාසය කරපු බිම්කඩක් වෙන්න ඕන.. /ඌරපොල / ඌරාදෙණිය /ඌරුමස් /ඌරුතෙල් ... ආදිය මංතර ගුරුකං වලට අරහං .. කියලයි මම නම් අහල තියෙන්නෙ.
    ඒ හිංද ඔය කියන තරම් දක්ෂ ගුරාල ඒ ගමේ හිටියයි කියන එක පිළිගන්න අමාරුයි.
    ඕව ඇත්තටම කියන කතා නෙමෙයි නේද..?

    ReplyDelete
  4. ගමේ නම ඌරගහ වුනාට අද වෙනකන් මම ගමේ එක ඌරෙක්වත් දැකල නැහැ. මේ කතා ජනකතා හරි කටකතා නෙවේ. මේව ඇත්තටම සිද්ධ වෙච්ච දේවල්. ඒත් මේ කතා "පශ්චාත් නූතනවාදීන් "ට නම් දිරවන ඒව නෙවෙයි. මන්තර, ගුරුකම් වලට වැඩ කාරයො අපේ ගමෙත් ඉඳල තියෙනව. ඒත් ඉතින් පාරම්පරිකව වැඩේ දැනගෙන කරන " වැඩ කාරයො "අපේ ගමෙ විතරක් නෙවෙයි. අහල පහල ගම් හැම එකේම ඉන්නව. අම්බලන්ගොඩ, කොස්ගොඩ, බලපිටිය, අහුන්ගල්ල, ඇල්පිටිය, බෙන්තර මේ හැම තැනම. "බාල්දි හා කොඩිවින "කියෙව්වොත් තව දැනගන්න ලැබෙයි.

    ReplyDelete